රේගු නිලධාරීන්ට වැටලීම් සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණය වැඩි වී ඇත්තේ ඔවුන් සිදුකරන වැටලීම් ප්‍රමාණය වැඩිකිරීම නිසා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මගින් හෙලි වී ඇති පරිදි 2012 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා අතර කාලය තුළදී රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නන්ට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රුපියල් කෝටී 2422 කට වැඩි මුදලක් ත්‍යාග මුදල් වශයෙන් ලබාදීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රේගු වැටලීම් ප්‍රමාණය ඉහළ දැමීම හරහා රාජ්‍ය ආදායමද ඉහළ යන බවයි.