කොළඹ මහ නගර සභා සීමාවේ අවදානම් සහගත ගස් 600ක් පමණ හඳුනාගෙන ඇති බව නාගරික කොමසාරිස් භද්‍රාණි ජයවර්ධන පවසනවා.
නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඇය කියා සිටියේ පේරාදේණිය උද්භිඳ උද්‍යානයේ ශාක විශේෂඥවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සීමාවේ ගස් දහසක් පමණ නිරීක්ෂණය කර එම අවදානම් සහිත ගස් හඳුනාගත් බවයි.
ඒ අතරින් ගස් 200ක් පමණ කපා ඉවත් කිරීමට නිර්දේශ කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ප්‍රතිකාර කර බේරා ගැනීමට හැකි ගස් 300ක් පමණ කොළඹ මහ නගර සීමාවේ පවතින බවද නාගරික කොමසාරිස්තුමිය මෙහිදී කියා සිටියා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රාණි ජයවර්ධන.
මේ අතර පවතින වැසි සහිත කාලගුණයත් සමඟ කොළඹ දේවි බාලිකා විද්‍යාලය සහ බොරැල්ල කනත්ත අතර තිබූ විශාල ගසක් ඊයේ පෙරවරුවේ කඩා වැටීමෙන් මෝටර් රථයකට හානි සිදුවුණා.