Wednesday, March 26, 2025

General line - 0115112241

පාතාල සාමාජිකයන්ට යතුරුපැදි අලෙවි කළ සැකකරුවන් දෙදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ

 ටී කේ ජී කපිල



පාතාල සාමාජිකයන්ට කුළියට මනුෂ්‍ය ඝාතන සිදු කිරීම සදහා යොදා ගැනීමට, සොරකම් කළ යතුරු පැදි අලෙවි කළ තරුණයන් දෙදෙනා රැදවුම් නියෝග මත තවදුරටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පවසනවා.

මිනුවන්ගොඩ පොලිසිය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව උඩුගම්පොළ ප්‍රදේශයේදී කෙහෙල්බද්දර ජූඩ් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ, දෙවලපොළ ප්‍රදේශයේදී යතුරු පැදියක් සොරකම් කර පළා යමින් සිටියදී පතහවත්තේ සුද්දා නමැති අනෙක් සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් ත්‍රිරෝද රථයකින් ගොස් මිනුවන්ගොඩ, යක්කල, වීරගුල, වැලිවේරිය, ගම්පහ, ජා - ඇළ, නිට්ටඹුව ඇතුළු ප්‍රදේශ රැසකදී කාන්තාවන් විසින් පැදවූ යතුරු පැදි  17ක් සොරකම් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.