Wednesday, March 26, 2025

General line - 0115112241

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවකගෙන් මුදල්  ඉල්ලා සිටි සැකකරුවෙකු කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙයියන්තුඩුව, මාබිම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

කඩවත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට මිනී මැරුම් චෝදනා ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනු ලබන්නේ තමන් බවටත් සැකකරු විසින් අදාළ කාන්තාවට පවසා රුපියල් 25,000ක මුදලක් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව සැකකරු කඩවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරී කරනු ලබන පොලිස් පරීක්ෂකයෙකු ලෙසට ව්‍යාජව සකස් කරන ලද හැඳුනුම්පතක්ද ඔහු සන්තකයේ තිබී සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.