Sunday, February 23, 2025

General line - 0115112241

අවුරා ලංකා සභාපති රිමාන්ඩ්



අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී අධිකරණය නියෝග කළේ සැකකාර විරන්ජිත් තාඹුගල ලබන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ රුපියල් ලක්ෂ 70ක මූල්‍ය වංචාවකට අදාළවයි.