Sunday, February 23, 2025

General line - 0115112241

දින 03ට විදුලි බිඳවැටීම් 37,000ක් - ලක්ෂ 03ක් අඳුරේ



මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින 3 තුළ පමණක් පාරිභෝගිකයින් ලක්ෂ 03කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ විදුලිය බිඳවැටීමේ සිදුවීම් 36,900ක් ද වාර්තා වී ඇති බවයි.

බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීම සඳහා මේ වනවිට සියලු පියවර ගෙන ඇති බවත් ඊට අතිරේක සේවා කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර ඇති බවත් අමාත්‍යවරයා පවසනවා.

විදුලිය බිඳ වැටී ඇති ප්‍රදේශ වෙත ඉදිරි පැය 24 තුළ විදුලි සැපයුම ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

අමාත්‍යවරයා පවසන්නේ විදුලි පාරිභෝගිකයින්ට 1987 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ඇමතුමක් ලබාදී හෝ කෙටි පණිවිඩයක් යොමු කර විදුලි විසන්ධි වීම් පිළිබඳ දැනුවත් කළ හැකි බවයි.