තායිවානය වට කරමින් චීනය හදිසියේම දැවැන්ත යුධ අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.
චීන හමුදාව පවසන්නේ ගුවන් සහ නාවික ඒකාබද්ධ අභ්‍යාසයක් ලෙස මෙය සිදු කරන බවයි.
චීන ආරක්ෂක අංශය තායිවාන සමුද්‍ර සංධිය ඇතුළු ප්‍රධාන දූපත් ආශ්‍රිතව මෙම යුධ අභ්‍යාසය මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.
චීනයේ මෙම යුධ අභ්‍යාසයේ අරමුණ තායිවානයේ නව ජනපති ලෙස විලියම් ලායි තෝරා පත් කර ගැනීමට විරෝධය පළ කිරීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
විලියම් ලායි යනු චීනයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වූවෙක්.
ඔහු බෙදුම් වාදියෙකු සහ ගැටලු නිර්මාණය කරන්නෙකු ලෙසටයි චීනය චෝදනා කළේ.
විලියම් ලායි ජනාධිපති ලෙස පත් වීමෙන් පසු පැවසුවේ තායිවානයට තර්ජනය කිරීම චීනය විසින් නතර කළ යුතු බවයි.
එය නින්දිත ප්‍රකාශයක් බවට චෝදනා කළ චීනය විසින් එම ප්‍රකාශයද හෙළා දකිනු ලැබුවා.
එවන් පසුබිමක ඔහු ජනපති ලෙස තෝරා පත් කරගෙන දින 03ක් ගතවන විට චීනය මෙම යුධ අභ්‍යාසය ආරම්භ කළේ තායිවානයේ ක්‍රියාවට දැඩි දඬුවමක් ලෙස නම් කරමින්.
තායිවානය තම රටට අයත් කොටසක් ලෙස චීනය නිරන්තරයෙන් සළකන නමුත් තායිවානය පවසන්නේ තමන් ස්වාධීන රාජ්‍යයක් බවයි.