Sunday, February 23, 2025

General line - 0115112241

වැසි සමග ප්‍රදේශ රැසකින් ආපදා

සමන් පාලිත නානායක්කාර-සම්පත් කුලරත්න



වැසි සහ තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසක විවිධ ආපදා වාර්තා වනවා.

හපුතලේ ග්ලැනෝර් ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින් නිවාස හතරකට දැඩි හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

හපුතලේ හල්දුම්මුල්ල හා ඒ ආශ්‍රිත ප්‍රදේශ රැසකට විදුලිබලයද විසන්ධි වී ඇත්තේ  බලංගොඩ ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ සිට එන අධි බල විදුලි රැහැන් මතට තැනින් තැන ගස් කඩා වැටීම හේතුවෙන්.

දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී විශාල කර්පන්ටයින් ගසක් දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ අතර එය කඩනමින් ඉවත් කර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කළ හැකි වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

බණ්ඩාරවල නගර සභාව ඉදිරිපිටට නගර සභා භූමියේ තිබූ විශාල ගසක් ද විදුලි රැහැන් මතට කඩා වැටී  තිබුණා.

මේ අතර කළුතර නගරය හරහා හමා ගිය සුළං තත්ත්වයක් හේතුවෙන්  පාලම ආසන්නයේ තිබූ ගසක් කඩා වැටීමෙන් අවහිර වී තිබූ ගාලු‍ පාරේ ගමනාගමනය මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබෙනවා.