Tuesday, April 15, 2025

General line - 0115112241

ශ්වේත පූජා අද කූරගල පුදබිමේදී



වෙසක් පොහොය දිනට පසු දින වන අද දිනයේ නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන ඓතිහාසික කූරගල පුදබිමේදී පැවැත්වෙනවා.

එම පුදබිමේ ක්‍රියාත්මක වෙසක් කලාපය අද දිනයේ රාත්‍රී 07 සිට සැදැහැවතුන්ට විවෘත වනවා. ඒ පිළිබඳ තොරතුරු නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්.

මේ අතර, නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපයේ දෙවන දිනය අදයි. එහි පළමු දිනය වූ ඊයේ දිනයේ ආරම්භ වූ වෙසක් කලාපය නැරඹීමට අද අලුයම දක්වා වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයට බොහෝ සැදැහැවතුන් පැමිණ සිටියා.

 

ඒ පිළිබඳ තවත් තොරතුරු  වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සමගින්.