Monday, February 24, 2025

General line - 0115112241

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කෙරේ



පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.

ඒ හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.

වාන් දොරටු 02 ක් අඩි 03 බැගින් සහ වාන් දොරටු 02ක් අඩි 02 බැගින්ද විවෘත කර තිබෙනවා.

එම දොරටුවලින් තත්ත්පරයට ජලය ඝන අඩි 6,900ක් දැදුරුඔයට මුදා හැරෙන බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා.

මේ අතර අද දිනයේද තද වැසි සහ තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.