උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ප්‍රමාදවීම් සහිතව සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ, උඩරට දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන්.
ඉදල්ගස්හින්න, ඔහිය, අඹේවෙල සහ පට්ටිපොළ දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතිය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවද දුම්රිය පාලක මැදිරිය පැවසුවා.
එමෙන්ම එම දුම්රිය මාර්ගයේ හපුතලේ දියතලාව පට්ටිපොල දක්වා කොටසට දැඩි සුළං සමග ගස් කඩා වැටීමේ අවදානමක් පවතින පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.