ඓතිහාසික කූරගල පුදබිමේදී පැවැත්වෙන නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහනට අද පෙරවරුවේ සිටම සැදැහැවතුන් බොහෝ පිරිසක් එක්ව සිටිනවා.
එමෙන්ම පස්වරුවේද කූරගල පුදබිමේදී වැඩසටහන් කිහිපයක් පැවැත්වෙනවා.
ඒ පිළිබඳ තවත් තොරතුරු කූරගල පුදබිමෙහි රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්.
මේ අතර, නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපයේ දෙවන දිනය අදයි.
එහි පළමු දිනය වූ ඊයේ දිනයේ ආරම්භ වූ වෙසක් කලාපය නැරඹීමට අද අලුයම දක්වා වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයට බොහෝ සැදැහැවතුන් පැමිණ සිටියා.
නේත්‍රාලෝක වෙසක් කලාපය ලබන 29වනදා දක්වා පැවැත්වෙන බවයි වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය වේයන්ගොඩ රේවත හිමියන් පැවසුවේ.