Wednesday, March 26, 2025

General line - 0115112241

වෙසක් දා අනුරාධපුර රුවන්වැලිසෑය අභියස පැවැති අපූරූ දේශීය බීජ දන්සල

චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය 



වෙසක් පුන් පොහෝදිනය නිමිත්තෙන් අනුරාධපුර රුවන්වැලිසෑයේ අසළ අපූරූ දේශීය බීජ දන්සලක් පවත්වා තිබුණා.

මෙම දන්සල සංවිධානය කළ තිබුණේ අනුරාධපුර ගලෙන්බිඳුණුවැව මීගහපට්ටිය ප්‍රදේශයේ පදිංචි නිලන්ති ජයතිලක නම් කාන්තාවක් විසිනි.

විදේශිය දෙමුහුන් බීජ  ශ්‍රී ලංකා ව්‍යප්තියත්  සමග ලංකාවතුල වදවීයා‍මේ අවධානමකට ලක්ව ඇති ඉපැරණි භෝගවර්ගවල බීජ  පැකැට් කොට එම පැකැට් අනුරාධපුර රුවන්වැලිසෑය වන්දනාමාන කිරීමට පැමිණි ජනතාව වෙත නොමිළේ ලබාදීම මෙහිදී සිදුකෙරුණි.

මෙම බීජ දන්සලේ දී දේශිය පොලොන් මෑ , හේන් වැටකුලු , දිග ආලංගා , රටකජු , කොස් දඹල , කොමඩු , පදුරැ අවර , මිරිස් (දේශිය) , තණ හාල්  , තමිපලා(රතු කොළ) , ගොරක තක්කාලි , තිබිබටු, නියන් වැටකුලු  ,දේශිය බඩ ඉරිගු , පුහුල්  , දිග ලබු  , රවුමි ලබු  , දිග කරවිල  , බටු කරවිල  , පිපිඤ්ඤාා(තියබරා)  , වදුරැ මෑ , දේශිය පොල් රතු දිග/ රවුම ,බෝන්චි මෑ  , රතු ස්වයංජාත , ඇත්දල බන්ඩක්කා /රතු බන්ඩක්කා ,කටු එලබටු වැනි බීජ වර්ග ලංකාවේ නන්දෙසින් රුවන්වැලි සෑය වැද පුදාගැණිමට පැමිණි 3000 දමසකට අදික පිරිසකට ලබා දීම සිදුකෙරිණි.

රුවැන්සැලී සෑය අභියස විවිධාකාරයේ දන්සල් පැවැති අතර මෙම බීජ දන්සල කාගේත් පැසසුමට ලක්විය.