Monday, February 24, 2025

General line - 0115112241

කාසල්රි සහ මාවුස්සාකැලේ ජල මට්ටම ඉහළට

රංජිත් රාජපක්ෂ



මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.

එම ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමඟ විමලසුරේන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදුකරන බවයි විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසුවේ.

මේ අතර වැසි සහ සුළං තත්ත්වය ද තවදුරටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.