Wednesday, March 26, 2025

General line - 0115112241

අල්ලස් ගත් විදුහල්පතිවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ



අල්ලස් ලෙස රුපියල් 30,000ක මුදලක් ලබාගත් ඇහැලියගොඩ ප්‍රදේශයේ දෙමළ පාසලක විදුහල්පතිවරයෙකු ජූනි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් එම සැකකාර විදුහල්පතිවරයා අවිස්සාවේල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි.

අදාළ පාසලේ අධ්‍යාපනය ලබන සිසුන් සඳහා ලබාදෙන උදෑසන ආහාරය අඛණ්ඩව ඉදිරියටද ලබාදීම සඳහා වූ ටෙන්ඩරය ලබාදීමට විදුහල්පතිවරයා රුපියල් 50,000ක මුදලක් කාන්තාවකගෙන් ඉල්ලා තිබෙනවා.

ඉන් රුපියල් 30,000ක මුදලක් සැකකාර විදුහල්පතිවරයා විසින් පාසලේ විදුහල්පති නිල කාමරය තුළදී ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.

ඒ, ඇහැලියගොඩ, ඇහැලියගොඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අදාළවයි.