බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී අද නොමිලේ විශේෂඥ වෛද්‍ය සායනයක් පැවැත්වෙනවා.
එම රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයයෙන්, කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල හා බෙල්ලන්විල රජමහා විහාරය එක්ව එම විශේෂඥ සායනය සංවිධාන කර තිබෙනවා.
බෙල්ලන්විල රජමහා විහාරස්ථ ශ්‍රී සෝමරතන විශ්‍රාමශාලා පරිශ්‍රයේදී එම විශේෂඥ වෛද්‍ය සානයනය අද මධ්‍යහ්න 12 දක්වා පැවැත්වෙනවා.
එහිදී ශල්‍ය වෛද්‍ය සේවා, කායික රෝග වෛද්‍ය සේවා, උගුර, කණ, නාසය සම්බන්ධ වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය සේවා රැසක් නොමිලයේ ලබාගැනීමට හැකි බවයි බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් පැවසුවේ.