නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව අද අළුයම නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැති බවයි.
සබරගමුව පළාතේත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ක් පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
උතුරු මැද පළාත්වලද වැසි වාර කිහිපක් ඇතිවිය හැකියි.
මේ අතර මධ්‍යම කඳුකරයේත් බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණ හා වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර අත්තනගලු ඔය ද්‍රෝණිය සහ කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇගවීම පැය 24කින් දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය අද රාත්‍රී 09 දක්වා දීර්ඝ කළ බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
එමෙන්ම තවත් ගංඟා සහ ජලාශ රැසකම ජල මට්ටම ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පැවසුවා.