ඇදහැලෙන වැසි ද නොතකා නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපය නැරඹීමට වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයට බොහෝ සැදැහැවතුන් ඊයේ දිනයේ ද පැමිණියා.
එම වෙසක් කලාපයේ දෙවන දිනය වූ ඊයේ රාත්‍රී 07යි 07ට ආරම්භ වූ මොහොතේ සිට අද අලුයම දක්වාම දිවයිනේ නන් දෙසින් සැදැහැවතුන් පැමිණ සිටියා.
ඒ පිළිබඳ තොරතුරු වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ මේවන විට රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාරගෙන්.
මේ අතර ඓතිහාසික කූරගල පුදබිමේ පැවැත්වෙන වෙසක් කලාපය නැරඹීමට ද ඊයේ රාත්‍රියේ බොහෝ සැදැහැවතුන් පිරිසක් පැමිණ සිටියා.
එම වෙසක් කලාපය ලබන 29 වනදා දක්වා ක්‍රියාත්මකයි. ඓතිහාසික කූරගල පුදබිමේ පැවැත්වෙන වෙසක් කලාපය සඳහා නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා.