කොල්ලුපිටිය පෞද්ගලික රෝහලක හටගත් ගින්නට හේතුව සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා.
එම රෝහලේ තෙවන මහලේ ගින්නක් හටගෙන ඇති බවට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබුණා.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ එම මහ නගර සභාවේ ගිනි නීවීම් සේවා දෙපාර්තමේන්තුව එම ස්ථානයට ගිනි නීවීම් රථ දෙකක් යොමු කිරීමට පියවර ගනු ලැබුවා.
ඒ අනුව කෙටි කාලයක් තුළ එම ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවීම් භටයින් සමත් වුණා.
ගින්න හටගැනීමත් සමඟ එම රෝහලේ තුන්වන මහලේ සිටි රෝගීන් එම රෝහලේ බිම් මහල වෙත රැගෙන ඒමට වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබුණා.
කෙසේවෙතත් එම ගින්නෙන් රෝහලේ සිටි කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නැහැ.