දොම්පේ, මල්වාන, මායිවල ප්‍රදේශයේ කුඹුරක තිබී මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.
ඒ, 119 හා 118 මධ්‍යස්ථානයට ලද පැමිණිලි අනුව දොම්පේ පොලිස් ස්ථානය සිදුකළ සොයා බැලීමකදීයි.
එම මළ සිරුරු දෙක වයස අවුරුදු 19 සහ 29 යන වයස්වල පසු වූ නාවලතැන්නවත්ත, රම්බොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුගේ බවට හදුනාගෙන තිබෙනවා.
ඔවුන් පසුගිය 22 වනදා නේවාසිකව රැදිසිටි තාවකාලික නවාතැන්පලෙන් පිටව ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
මේ අතර පමුණුගම, උස්වැටකෙයියාව, සූරියමල්වත්ත මුහුදු තීරයට නාදුනන මල සිරුරක් ගොඩගසා තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වි නොමැති බවයි පොලීසිය පැවසුවේ.
වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන උස අඩි 5 යි අගල් 5 ක් පමණ වන තළෙලු පුද්ගලයෙකු මළ සිරුරක් එලෙස ගොඩගසා ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.