ව්‍යාජ බවට සැකකෙරෙන මැණික් ගල් 14ක් රුපියල් කෝටි 13 හමාරකට අළෙවි කිරීමට තැත් කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගාල්ල, හිනිදුම හා කොළඹ ප්‍රදේශවල පදිංචි එම සැකකරුවන් අතර අඹුසැමි යුවළක් ද සිටින බවයි පොලීසිය පැවසුවේ.
ඔවුන් එම මැණික් ගල් අලෙවි කිරීම සඳහා යතුරුපැදිවලින් මහනුවර ප්‍රදේශයට පැමිණ තිබෙනවා.
ඔවුන් එලෙස රැගෙනවිත් ඇත්තේ ව්‍යාජ මැණිගල් බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
ඒ අනුව එම මැණික් ගල් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට ඒවා මැණික් හා ස්වාරණාභරණ අධිකාරිය වෙත යොමු කරන බව පොලීසිය පැවසුවා.
මැණික් ගල් පරීක්ෂා කිරීමට යොදා ගන්නා විදුලි පන්දමක් ද සැකකරුවන් සතුව තිබී පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
එමෙන්ම මැණික් ගල් දෙකක් සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් නිකුත් කළ සහතිකයක් ද සැකකරුවන් සතුව තිබී සොයා ගෙන ඇති අතර එය ද ව්‍යාජ ලෙස සකස් කළ එකක් බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
ඒ අනුව එම වාර්තාව ද මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමුකර වාර්තාවක් ලබා ගන්නා බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.