කොළඹ - බදුල්ල අතර දුම්රිය ධාවනය අද රාත්‍රියේද අවලංගු කර තිබෙනවා. මේ, ඒ පිළිබඳ වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් හල්දුම්මුල්ල වාර්තාකරු සමන් පාලිත නානායක්කාර.
මේ අතර, අරලගන්විල, කන්දේගම විහාරස්ථානයේ වෙසක් පෙරහරේ කරඬුව වඩමවා ගෙන යමින් සිටි රථයට ගසක අත්තක් කඩාවැටීමෙන් එහි සිටි කුඩා ළමයින් දෙදෙනකු තුවාල ලබා පොළොන්නරුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එලෙස තුවාල ලබා ඇත්තේ අරලගංවිල, කන්දේගම ප්‍රදේශයේ පදිංචි වයස 10 හා 6 ක් වන පිරිමි දරුවන් දෙදෙනෙක්. ඉන් එක් දරුවෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
නිවේදන-එන් ඒ ඩබ් නිරෝෂන්- චන්දික ලියනගේ- සමන් පාලිත නානායක්කාර-සැම්සන් ප්‍රේමසිරි