Monday, February 24, 2025

General line - 0115112241

ජනපතිවරණයට රනිල් ඉදිරිපත් වන බව වජිර කියයි

හේරත් ඒකනායක



ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා කියා සිටියේ.


මේ අතර ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබා දීමට රජය ක්‍රියාත්මක කර ඇති වැඩසටහන සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අද පැවති  මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙලෙස අදහස් පළ කළා. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින වංචනිකයින් හා දූෂිතයින් පන්නා දමා ඉදිරියේ දී පක්ෂය පිරිසිදු කරන බව එම පක්ෂයේ සභාපති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.