පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 08ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
නිවාස අසල ඇති අනාරක්ෂිත ගස් පිළිබඳ සහ නාගරික ප්‍රදේශවල ගස් අසල වාහන නවතා යෑමේදී ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ජනතාවට දැනුම් දෙන්නේ.
මේ දිනවල ලැබුණු ඉහළ වර්ෂාපතනය හේතුවෙන් ගංගාවන්වල ජල මට්ටම ඉහළ මට්ටමක පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පැවසුවා.