Wednesday, March 26, 2025

General line - 0115112241

ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි අධිකරණ ඇමතිගෙන් ඉල්ලීමක්



රට තුළ ඇති විය හැකි ව්‍යසන සම්බන්ධයෙන් තමන් 2016 වසරේදී වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

එම වාර්තාවේ රටේ ආරක්ෂාවට වන බලපෑම්ද පැහැදිලිව සඳහන් කර තිබුණත් පසුගිය පාලන කාලයේ  ඒවා ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

අදාළ වාර්තා ජනාධිපති පරීක්ෂක කොමිෂන් සභාවේ ඇති බවත් ඒවා ක්‍රියාත්මක කළ යුතු කාලය එළඹ ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.


මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.