මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු මෙන්ම වාදන සහ ගායන ශිල්පීයෙකු වන ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මහනුවර මහරෝහලේදී අද (26) ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වෙන්නේ..
අභාවප්‍රාප්තවන විට ඒ මහතා 67වැනි වියේ පසුවිය.
ආනන්ද පෙරේරා යනු ලංකාවේ බිහිවූ විශිෂ්ට සංගීතවේදියෙක්.
ආනන්ද පෙරේරා මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි සිසුවෙකි.
1988 වසරේ දී ඇරඹි සිහශක්ති සංගීත කණ්ඩායම ඔහුගේ එම විජිත දිවිය එකලස් කළ අග්‍රඵලයක් ලෙසද හැඳින්විය හැක
අවසන් කටයුතු සිදු කරන දිනය පිළිබඳ පසුව දැනුම් දීමට නියමිතය .