දිවයින හරහා ස්ථාපිත වී ඇති නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව පළාතේත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක නෙත් නිවුස් වෙත පැවසුවේ.
මේ අතර බෙංගාල බොක්ක ප්‍රදේශයේ දිවයිනට ඔබ්බෙන් සුළි කුණාටුවක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම සුළි කුණාටුව අද මධ්‍යම රාත්‍රිියේ බංග්ලාදේශ වෙරළබඩ තීරයෙන් බංග්ලාදේශයට ඇතුළු වන බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක පැවසුවේ.
සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑමක් නොමැති වුවත් එහි වක්‍ර බලපෑමෙන් රට තුළ සුළගේ වේගය වැඩිවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
එමෙන්ම කැළණි සහ කළු ගංඟාවේ ඉහළ ප්‍රදේශ වෙත අද දිනයේ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් එම ප්‍රදේශවලද ගංවතුර අවදානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
එම ප්‍රදේශ අවට ජීවත් වන ජනතාව වැඩි අවදානයෙන් සිටින ලෙසයි වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පැවසුවේ.
දිවයිනේ වාරිමාර්ග ජලාශවල පවතින ජල මට්ටම සියයට අසූවක ආසන්න මට්ටමක පවතින බවත් ඇතැම් ජලාශ මේවන විටත් වාන් දමමින් පවතින බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර වැඩිදුරටත් සඳහන් කළේ.