ජනතාවගෙන් බදු අය නොකර ජනතාවට සහනදායී වැඩපිළිවෙලක් තම රජයක් යටතේ ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පවතින රජය ජනතාවගෙන් විශාල බදු අයකිරීම් සිදුකළත් මෙතෙක් ජනතාවට සහනදායී වැඩපිළිවෙලක් ආරම්භ කර නොමැති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
ජාතික ජන බලවේගය සමඟ විශාල කණ්ඩායමක් මේවන විටත් එක්වෙමින් සිටින බවත් ඉදිරි කාලයේදී සියලු ජනතාව එක්කර ගනිමින් ජාතික ජන බලවේග ආණ්ඩුවක් නිර්මාණය කරන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
වවුනියාව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එකවෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මහින්ද රාජපක්ෂ ගොඩනැගූ ආණ්ඩුව පරාජයට පත්කළේ ආණ්ඩුව අභ්‍යන්තරයෙන් සිදුකළ කුමන්ත්‍රණයකින් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඉදිරි මැතිවරණය වෙනුවෙන් තලාව නගරයේ දී අද ආරම්භ වූ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.