ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයට, ගාසා තීරයේ පලස්තීන හමාස් සටන්කාමීන් රොකට් ප්‍රහාර එල්ල මාලාවක් එල්ල කර තිබෙනවා.
හමාස් සටන්කාමීන් පවසා ඇත්තේ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකුට මරු කැඳවූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙසේ ටෙල් අවීව් නගරයට මිසයිල එවු බවය.
මිසයිල ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට ඊශ්‍රායලය සමත් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊශ්‍රායල හදිසි සේවා ප්‍රකාශ කළේ තමන්ට ජීවිත හානි පිළිබඳ වාර්තා ලැබී නොමැති බවයි.