Monday, February 24, 2025

General line - 0115112241

කැලණි, කළු, ගිං, නිල්වලා සහ අත්තනගලුඔය තවදුරටත් අවදානමේ



කැලණි, කළු, ගිං, නිල්වලා සහ අත්තනගලුඔය යන ගංගාවල අද උදෑසන වන විටත්  ඉහළ ජල මට්ටම්  පැවති බව  වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පැවසුවේ එම ගංගා ද්‍රෝණිවල පහත් බිම් ප්‍රදේශවල ජනතාව ඒ සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් සිටිය යුතු බවයි. 


වාන් දොරටු විවෘත කර ඇති ජලාශ සම්බන්ධයෙන්ද ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර කරුණු පැහැදිලි කළා. 


මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු  පළාත්වල අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකියි.

මේ අතර ප්‍රදේශ රැසක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.