නෙත් එෆ් එම් රේඩියෝව වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපයේ පස්වන දිනය අදයි.
එම වෙසක් කලාපය තුළදී සර්වඥ ධාතූන් වහන්සේ සහ මහ රහතන් ධාතුන් වහන්සේ වන්දනා කිරීමට සැදැහැවතුන් විශාල පිරිසක් අද පෙරවරුවේ සිට පැමිණෙමින් සිටින බවයි වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය වේයන්ගොඩ රේවත හිමියන් පැවසුවේ.
මේ අතර ඓතිහාසික කූරගල පුදබිමේ පැවැත්වෙන වෙසක් කලාපයද අද පස්වන දිනයටත් ක්‍රියාත්මකයි. මේ ඒ පිළිබඳ ඓතිහාසික කූරගල පුදබිමේ සිට තොරතුරු ගෙන එන නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්.