Wednesday, March 26, 2025

General line - 0115112241

පාරම්පරික වෛද්‍යවරුන්ගෙන් පැමිණිල්ලක්



ව්‍යාජ ආයුර්වේද වෛද්‍යවරුන් සහ එම වෛද්‍යවරුන් බිහිකරන ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ, හෙළ වෙදකම පාරම්පරික වෛද්‍යවරුන් සුරැකීමේ සංවිධානය විසින්. එම සංවිධානයේ කැඳවුම්කරු පාරම්පරික වෛද්‍ය ආර් එම් සුරේෂ් රත්නායක පැවසුවේ වගකිවයුතු සෙසු පාර්ශවද ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන බවයි.