Wednesday, March 26, 2025

General line - 0115112241

ජනපති සමග එකඟතාවකට එළඹි කාලසීමාව ගැන පොහොට්ටුවෙන් පැහැදිලි කිරීමක්



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සිය පක්ෂය එකඟතාවකට එළඹී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන කාල සීමාව සඳහා පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා.

ඉන් අනතුරුව රටට සුදුසුම නායකයා සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

සිය ප්‍රතිපත්ති පිළිගන්නා ඕනෑම පුද්ගලයෙකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්විය හැකි බවයි එම පක්ෂයේ මහලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර පනත් කෙටුම්පත් 45ක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.