Monday, February 24, 2025

General line - 0115112241

අවදානම් ගල් පුපුරුවා හැරීමට පහළ කඩුගන්නාව මාර්ගය අද රෑ වැසෙයි



සක්‍රීය  නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලි මීටර් සියයට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

මේ අතර අවදානම් සහිත ගල් පුපුරුවා හැරීම සඳහා කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව කොටස අද රාත්‍රියේ වසා දැමෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි.