Wednesday, March 26, 2025

General line - 0115112241

නේත්‍රාලෝක වෙසක් කලාපයේ හයවන දිනය අදයි



වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ පැවැත්වෙන නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපයේ හයවන දිනය අදයි.

එම වෙසක් කලාපය තුළදී සර්වඥ ධාතූන් වහන්සේ සහ මහ රහතන් ධාතුන් වහන්සේ වන්දනා කිරීමට අද පෙරවරුවේ සිටද සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා.

නේත්‍රාලෝක වෙසක් කලාපයේ නවතම තොරතුරු වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාරගෙන්.

මේ අතර ඓතිහාසික කූරගල පුදබිමේ පැවැත්වෙන වෙසක් කලාපයද අද හයවන දිනයටත් ක්‍රියාත්මකයි.

ඒ පිළිබඳ තොරතුරු ඓතිහාසික කූරගල පුදබිමේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් ගෙන්.