Wednesday, April 16, 2025

General line - 0115112241

මෛත්‍රී පිල ශ්‍රීලනිප මුලස්ථානයෙන් විකල්ප මධ්‍යස්ථානයකට



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව රැක ගනිමින් ඉදිරි මැතිවරණවලදී සන්ධානගතව තරඟ කරන බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.

පවත්නා පසුබිම තුළ පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් පරිබාහිරව තාවකාලිකව විකල්ප මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන බවයි ඔහු කියා සිටියේ.