අහුන්ගල්ල, ලෝකන්වත්ත ප්‍රදේශයේදී පසුගිය 08 වනදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, වැලිඔය වෙහෙරතැන්න, බෝගස්වැව ප්‍රදේශයේදීයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ වව්නියාව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි වෙහෙරතැන්න බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු අදාළ වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.