Monday, February 24, 2025

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සමග සිටි පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

ජෙගදීෂ්වරන් ජේ කුමාර්



මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග නිවසක රැඳී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පස් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කිලිනොච්චි ආනන්දපුරම් නැගෙනහිර ප්‍රදේශයේදී, කිලිනොච්චි පොලීසිය විසින් සිදු කළ වැටලීමකදීයි.

අදාළ නිවසේ සැකකටයුතු පුද්ගලයින් පිරිසක් රැඳී සිටින බවට කිලිනොච්චි පොලීසියට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එහිදී අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා කයිට්ස් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිට නිවාඩු ලබා සිටි අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

එම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,100ක් සහ ඩිජිටල් තරාදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අදාළ නිවස කුලී පදනම මත ලබාගෙන එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරි කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.