සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව යන පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලි මීටර් සියයට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ.
මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
එබැවින් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 24 සඳහා අද පෙරවරු 10යි 30ට නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයක දැක්වෙනවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක.
දිවයින හරහා නිරිතදිග මෝසම් ප්‍රවාහයේ වැඩිවීම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරුමැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැයට කිලෝමීටර් 50ක - 60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඊයේ රාත්‍රී කාලය තුළද වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් රත්නපුර සහ අවට ප්‍රදේශවලට ගංවතුර ඇති වීමේ අවදානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, කිරිඇල්ල සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එම අවදානම් තත්ත්වය පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පැවසුවා.
ගිංගඟ සහ නිල්වලා ගඟේ ජල මට්ටමද අවධානයෙන් සිටිය යුතු මට්ටමකට පැමිණ ඇති බවද වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර වැඩිදුරටත් සඳහන් කළා.