Friday, March 28, 2025

General line - 0115112241

දිල්ලි ගුවන් තොටුපොළේ යානයක බෝම්බ බියක්



බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක් හදිසි පරික්ෂාවකට ලක් කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දිල්ලි සිට වරණාසි බලා පිටත් වීමට තිබූ ගුවන් යානයක් එලෙස හදිසි පරික්ෂාවකට ලක් කර ඇති බවයි.

අදාළ ගුවන් යානයේ වැසිකිළියේ තිබී හමුවූ ටිෂූ කඩදාසියක “බෝම්බ් බ්ලාස්ට් ඇට් තර්ටි මිනිට්ස්” යනුවෙන් සඳහන් කර තිබීම හේතුවෙන් එම බෝම්බ භීතිය හට ගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් අදාළ ගුවන් යානයේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ 176 දෙනෙකු යානයෙන් ඉවත් කර පරික්ෂා කිරීමට ඉන්දීය ආරක්ෂක බලධාරීන් පියවර ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.