Monday, February 24, 2025

General line - 0115112241

ජනාධිපතිගේ නිවසට ගිනි තැබූ තවත් අයෙකු අත්අඩංගුවට

ජෙගදීෂ්වරන් ජේ කුමාර්



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටි වකවානුවේ කොල්ලූපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් නවුත්තුඩුව  කිරන්තිඩිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36  හැවිරිදී ගුරුවරයකු බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවේ.

එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

අරගලකරුවන් පිරිසක් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලූපිටියේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට පහරදී ගිනිතබා අලාභ හානි සිදුකර තිබුණේ 2022 වසරේ ජුලි මස 9 දින රාත්‍රියේයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය විසින් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.

මෙම සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් 25ට අධික පිරිසක් වරින් වර අත්අඩංගුවට ගෙන අධිකරණය  හමුවට ඉදිරිපත් කර තිබෙනවා.