Monday, February 24, 2025

General line - 0115112241

 වන අලි ප්‍රහාරයකින් මැදවච්චියේ පුද්ගලයෙකු මරුට

මැදවච්චියේ සජිත් ගයාන්



මැදවච්චිය, තම්මන්නෑඇලවක ගම්මානයේදී අද උදෑසන සිදු වූ වන අලි ප්‍රහාරයකින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරි සිදු කළ පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

එලෙස  මිය ගොස් ඇත්තේ 63 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙක්. අද උදෑසන සිය බිරිද සමග යතුරු පැදියෙන් තම හේනේ බටු වගාව බැලීමට යමින් සිටියදී ඔහු එම වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

තම්මන්නෑඇලවක ප්‍රධාන මාර්ගයේ තරමක් දුරින් වන අලියෙකු සිටිනු දැක යතුරු පැදියෙන් බැස තම බිරිඳ සමග දිවි බේරා ගැනීමට දුව යන අවස්ථාවේදී  පසුපස ලුහු බැඳ පැමිණි එම වන අලියා මියගිය පුද්ගලයාට පහර දී ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

එම වන අලියා මීට පෙරද මිනිස් ජීවිත තුනක් අහිමිකර ඇති බවයි ගම්වාසීන් පවසන්නේ.

වන අලි ප්‍රහාර මේවන විට වැඩිවෙමින් පවතින බැවින් ඊට විසදුම්ක් ලබා දෙන ලෙස වගකිව යුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවද එම ගම්වාසීන් කියා සිටියා.