සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගයේ නායකයින් දෙපළ අතර ජුනි මස 06වනදා පැවැත්වීමට යෝජනා කර ඇති විවාදය හැර වෙනත් විවාදයකට සහභාගි වීමට සිය පක්ෂයට කාලයක් නොමැති බව ජාතික ජනබලවේගය පවසනවා.
පක්ෂ දෙකෙහි ආර්ථික කමිටු අතර විවාදයකට දිනයක් නොපමාව දැනුම් දෙන ලෙස සමගි ජනබලවේගය යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමින් ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව කියා සිටියා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයක් බැවින් වඩාත් වැදගත් වන්නේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකවරුන් අතර විවාදයක් බවද වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළා.