Monday, February 24, 2025

General line - 0115112241

මැතිවරණ කල් දමන යෝජනාවට පාර්ශව රැසකින් විරෝධය



ජනාධිපතිවරණය සහ මහමැතිවරණය වසර 02කින් කල් දැමීම නීත්‍යානුකූලව සිදු කළ හැකි කාර්යයක් නොවන බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ එම මැතිවරණ කල් දැමීම සඳහා යෝජනාවක් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව තුළ ඉඩක් නොමැති බවයි. 

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගැනීමක් මෙවැනි යෝජනාවලින් සිදු වන බවද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවා. 

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ඉදිරිපත් කළ මෙම යෝජනාවට පාර්ශව රැසක් දැනටමත් විරෝධය පළ කර තිබෙනවා.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  එම් ඒ සුමන්දිරන් ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නොවන බවයි. 

ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාල සීමාව දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික ප්‍රතිපත්තිවලට හානිකර බවද එක්ස් සටහනක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙනවා.

ස්ථාවරත්වය ඇතිවිය යුත්තේ ජනතා කැමැත්තෙන් මිස ඔවුන්ගේ හඬ ප්‍රමාද කිරීමෙන් නොවන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නිකුත් කළ එක්ස් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.