Monday, February 24, 2025

General line - 0115112241

අවුරුදු 55 සපිරෙන සියලු ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක්



වයස අවුරුදු 55 සම්පූර්ණ වූු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදීමට කටයුතු කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බවයි.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් පැවසුවේ රජය විසින් නිවේදනය කර ඇති වතු කම්කරුවන්ගේ රුපියල් 1700ක දිනක වැටුප ගෙවීමට අපහසු යම් හාම්පුතෙකු සිටී නම් ඔවුන් විසින් බද්දට ගෙන ඇති රජයේ වතු නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බවයි.

අනතුරුව පවරා ගන්නා ලද වතු දීර්ඝ කාලීන බදු පදනම මත ඒවා නිසි ලෙස කළමනාකරණය කළ හැකි පාර්ශ්වයන්ට ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා නීතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.