Wednesday, March 26, 2025

General line - 0115112241

පැල්මඩුල්ල නගරයේ බස්රථ අනතුරක් - 27ක් රෝහලේ

ලසන්ත නිරෝෂණ පෙරේරා



කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පෙරළීගොස් ඇති අතර ඉන් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.                                                                                

තුවාලකරුවන් අතර බස් රථයේ ගමන් ගත් මගීන් සහ ත්‍රීරෝද රථයේ සිව්දෙනෙකුද සිටින බවයි පැවසෙන්නේ.

ඔවුන්ගෙන් එක් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන බවද නෙත් නිවස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.

කහවත්ත මූලික රෝහලට තුවාලකරුවන් විසි දෙනෙකු ද රත්නපුර ශික්ෂණ රෝහලට හත් දෙනෙකු ද ඇතුළත් කර තිබෙනවා.