Monday, February 24, 2025

General line - 0115112241

උතුරු කොරියාවෙන් කුණු පිරවූ බැලුන් දකුණු කොරියාවට



උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යළි මතභේදාත්මක තත්ත්වයක් මතුව තිබෙනවා.

ඒ, උතුරු කොරියාව විසින් දකුණු කොරියාවට කසල පිරවූ බැලුන් පා කර යැවීම හේතුවෙන්.

විදෙස් මාධ්‍ය පවසන්නේ කසල බැලුන් 150ක් පමණ මෙලෙස දකුණු කොරියාවට ළඟා වී ඇති බවයි.

දකුණු කොරියාවේ පළාත් 09න් 08කින් මෙම බැලුන් සොයාගෙන තිබීම විශේෂත්වයක්. 

ඒ අනුව දකුණු කොරියා දේශසීමා ආසන්නයේ සිටින සිය වැසියන්ට ප්‍රවේශම් වන ලෙස දකුණු කොරියා රජය අනතුරු අඟවා තිබෙනවා.

ඒ, අදාළ අපිරිසිදු ද්‍රව්‍ය අඩංගු බැලුන් හා ඒවා සම්බන්ධ කිසිවක් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙස දන්වමින්.

කසළ බැලුන් සමග දකුණු කොරියාවේ නායකයින් විවේචනය කරන ආකාරයේ අත්පත්‍රිකා කිහිපයක්ද පවතින අයුරු විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා. 

උතුරු කොරියාවට ආසන්න දේශ සීමාවට දකුණු කොරියාව විසින් කැලි කසළ බැහැර කිරීමට එරෙහිව උතුරු කොරියාව මීට පෙරද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා.

ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස උතුරු කොරියාව මෙම පියවර අනුගමනය කරන්නට ඇති බවටයි විදෙස් මාධ්‍ය පැවසුවේ.