ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනය ලබන මාසයේදී සම්පූර්ණ කිරීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ණය ප්‍රතිව්‍යුහගතකරණයද සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් සිටින බවයි ඔහු පැවසුවේ.
වාහන ආනයනය සම්බන්ධයෙන් පවතින සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට රජය තීරණය කරන්නේ නම් ඒ සඳහා විදෙස් සංචිත කළමනාකරණය කිරීමට මහ බැංකුවට හැකියාව පවතින බවද මහ බැංකු අධිපතිවරයා පවසා තිබෙනවා.