තද සුළං සහ රළු මුහුද පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ අනුව දිවයිනට වටා මුහුදු ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස අදාළ නිවේදනයේ සඳහන්.
එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වැඩි විය හැකි බැවින් මුහුද ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
මේ හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට නිවේදනය කරන්නේ.