2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන සඳුදා දිනට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වුණේ පසුගිය ජනවාරි මස 4 වනදා සිට 31 වනදා දක්වායි.
ඊට අපේක්ෂකයින් තුන් ලක්ෂ 46,976 දෙනෙකු පෙනීසිටියා.
විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළ නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි.